රජයේ ආයතනයක ලොක්කෙක් වසර 20ක් මහ පුටුවේ මුල් බැහැලා


රජයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයක වසර 20 ක කාලයක් එකම තනතුරේ එකම කාමරයේ සේවය කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පිළිබඳව වාර්තාවේ.  

සිය තනතුර සඳහා නිලධාරියකු පුහුණු කිරීමට අවශ්‍ය බව කියමින් දිගින් දිගටම තනතුරේ රැඳී සිටින බව කියන මෙම ගගනට සම්බන්ධ ආයතනයේ නිලධාරියා කිසිදු නිලධාරියෙක් තනතුරට පුහුණු කර නැති බවද සඳහන්වේ.  අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පහළ තනතුරු අටකම සේවා දීර්ඝ කිරීම් ලබාගත් නිලධාරීන් සේවය කරනු ලබන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.