රජයට ගිය මන්ත්‍රීන් ගැන තීරණයක් ගන්නවා


මුස්ලිම් කොංග්‍රස් මහ ලේකම් 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

විසි වැනි සංශෝධනයේ පනත් කෙටුම්පතට විරෝධය පළකිරීමට උත්තරීතර මණ්ඩලයේ දී ගත් තීරණයට විරෝධය පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු විමසීමක් කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.   

අවසාන මොහොත දක්වා මේ පිළිබඳව විරෝධය පළකර තිබියදීත් අවසාන මොහොතේ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් වෙනස් වූයේ ඇයි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවී ඇතැයි ද ඒ මහතා පැවසීය. පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුදැනුම මත ඒ පිළිබඳ ඔහුගේ අනුමැතිය පරිදි කටයුතු කිරීමට එම මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබිය දී මෙසේ වෙනත් ප්‍රතිපත්තියක් ගන්නේ කෙසේද යන්න ගැටලුවක් වී ඇතැයි ද මේ පිළිබඳ නායකත්වය විසින් කරුණු සඳහන් කර ගැනීමෙන් පසුව එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගතයුතු දේ තීරණය කරන බව ද මුස්ලිම් කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේය.