රක්නා ආරක්ෂක ලංකා රැකගන්න ජනපති මැදිහත්වෙයි


(දයාසීලි ලියනගේ)
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම වසා දැමීමට ගෙන තිබූ තීරණය ඉවත්කර එම ආයතනය යළි සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට රජය තීරණය කර ඇත.


පසුගිය සතියේ පැවැති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය දැනුම්දී ඇත.


මෙම ආරක්ෂක සමාගමේ ගොඩබිම් හා මුහුදු ආරක්ෂකයන් ලෙස 1500කට ආසන්න පිරිසක් සේවය කරති.


මෙම සමාගම යළි සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන ලෙසටත් ඒ සඳහා වන යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙසටත් ජනාධිපතිවරයා මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ බලධාරින්ට නියම කර තිබේ.


රණවිරුවන් වැඩි සංඛ්‍යාවකට මෙහි රැකියා ලබාදීමටද අපේක්ෂා කෙරේ.