යුද හමුදාපතිට බලපෑම් කිරීමට කිසිවකුට මා අනුමැතිය දී නෑ


ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් 

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට හෝ අන් කිසිම අයෙකුට යුද හමුදාපතිවරයාට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කිසිම ආකාරයක අනුමැතියක් ලබා නොදුන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.  

ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.  


රුවන් විජයවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.  


සමාජ මාධ්‍යවල වාර්තා වෙන අයුරින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා විසින් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට හෝ අන් කිසිම අයෙකුට යුද හමුදාපතිවරයාට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කිරීමට අනුමැතියක් ලබාදී නොමැති බව දන්වා සිටිමි.  

 


රුවන් විජයවර්ධන  
ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය