යාපනයේ සහ දූපත් ජනයාට කිසිදු සහනාධාරයක් නෑ


හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්   

(නිශාන්ත කුමාර බණ්ඩාර)   
යාපනය අර්ධද්වීපයේ සහ ඒ අවට දූපත්වල ජීවත්වෙන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.   

දැනට ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ ඔවුනට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට දූපත්වල සිට ගොඩබිමට ඒමට නොහැකි නිසා දින ගණනාවක් පුරා ඔවුන්ට කිසිදු සහනයක් රජයෙන් මෙතෙක් ලබාදී නැතැයි ඔහු සඳහන් කරයි. ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන නිසා ඒවා මිලදී ගැනීමට ජනතාව අතර මුදල් නොමැති නිසා ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.   


මේ නිසා යාපනය අර්ධද්වීපයේ සහ ඒ අවට දූපත්වල ජීවත්වෙන ජනතාවට රජය මැදිහත් වී කිසියම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.