යහපාලනයේ පුරෝගාමියෙක් රජය ගැන කලකිරිලාලු


(දයාසීලි ලියනගේ)  

යහපාලන රජය පිහිටුවීමට පුරෝගාමී වූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් දැඩි කලකිරීමට පත්වී සිටින බව වාර්තා වේ. මෙම දේශපාලනඥයා මීට පෙර ඇමැති පදවිය දැරූ අමාත්‍යාංශයෙන් රටට සේවයක් වී නැති බව ඉහළ පෙළේ දේශපාලනඥයකු ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ තනතුර වෙනස් කිරීමත් නිසා, මෙසේ කලකිරීමට පත් වී සිටින බව වාර්තා වේ.  

 

මීට අමතරව අදාළ දේශපාලනඥයාගේ අමාත්‍යාංශයට සම්බන්ධ කටයුතු ලේකම්වරයා ලවා කර ගැනීමත් මෙලෙස කළකිරීමට හේතු වී ඇති බව කියති.