යහපාලනයට හවුල් වූ දෙමළ සන්ධානය දෙමළ ජනතා ගැටලු විසඳුවේ නෑ


මහජන නැගිටීමේ පක්ෂයේ සභාපති අරුල් ප්‍රකාශ්

(නිශාන්ත කුමාර බණ්ඩාර)

යහපාලන ආණ්ඩුව සමයේ විපක්ෂය නියෝජනය කළ දෙමළ සන්ධානය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ක්‍රියා නොකළ බව ලංකා මහජන නැගිටීමේ පක්ෂයේ සභාපති අරුල් ප්‍රකාශ් මහතා පවසයි. 

විපක්ෂ නායකවරයා ලෙස පත්වූ එම සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට දෙමළ ජනතාවගේ ගැටලුවලට මැදිහත්වීමට බලය තිබුණි. එහෙත් ඔහු ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කිසි කෙනකු ඊට මැදිහත් නොවීම නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් තවමත් ලැබී නැතැයි ඔහු සඳහන් කළේය. උතුරේ ක්‍රියාත්මක කිසිදු දේශපාලන පක්ෂයක් රට දියුණු කිරීමට කටයුතු නොකර තම ලාභ ප්‍රයෝජන සඳහා කටයුතු කළ බවට ඔහු චෝදනා කරයි. එම තත්ත්වය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇතැයිද ඔහු සඳහන් කළේය.