යහපාලන කාලේ වී අලෙවි මණ්ඩලයෙන් කෝටි 150 ක වංචාවක්?


(දයාසීලි ලියනගේ)  

වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී, සහල් කර විකිණීමේ හා බෙද‌ා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී එහි සිටි ඉහළම පෙළේ නිලධාරියෙක් රුපියල් කෝටි 150 ක මුදලක් වංචා කර ඇතැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.  

‘පී.එම්.ඩී. සහල්’ යනුවෙන් මෙම සහල් පැකට් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් වේ.  


 සහල් පැකට් කිරීම සඳහා ප්ලාස්ටික් උර මිලියන 10 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇතත් පාවිච්චියට ගෙන ඇත්තේ පැකට් 5000 පමණ කි. ඉතිරි පැකට් ගබඩාවේ දිරමින් පවතින බව වාර්තා වේ.  


 යහපාලන රජය කාලයේ සිදු වී ඇතැයි කියනු ලබන මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.