යහපාලන කාලයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට කෝටි තුනක් වැය කරලා


(දයාසීලි ලියනගේ) 

යහපාලන රජය කාලයේ වසර තුනක කාලයක් ක්‍රියාත්මක කරන ලද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවකයන් 44 දෙනාට වසර 3 ක කාලයක් සඳහා රුපියල් 3,37,14807 ක මුදලක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් වැයකර ඇති බව අනාවරණය වේ. 

මේ අයගේ වැටුප් හා දීමනා, දුරකතන, විදුලිය හා ජලය බිල්, අතිකාල සහ නිවාඩු දින වැටුප්, වාහන නඩත්තුව, ඉන්ධන හා ලිපිද්‍රව්‍ය සඳහා මෙම මුදල වැයකර ඇති බව දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සඳහන් කර ඇත. 


මෙම කමිටු ලේකම් කාර්යාලයේ ඉහළම තනතුරක සිටි පුද්ගලයෙක් රාජ්‍ය සේවකයකු ලෙස වැඩ කරන අතරතුර මසකට රුපියල් 47015.00 මුදලක් ලබා ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි. 
දූෂණ මර්දන ලේකම් කාර්යාලය 2015 සිට 2017 දක්වා කාලය තුළ ක්‍රියාත්මක විය.