යටිතල පහසුකම් නංවන්න ඇ​ෙමරිකාවෙන් කෝටි 8000ක ණයක්


(නාලක සංජීව දහනායක)  

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇ​ෙමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලයෙන් රුපියල් කෝටි 8000ක මුදලක් ලබාගැනීම සඳහා 

මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.  

අග්‍රාමාත්‍ය කාර්යාලය හා ඇ​ෙමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර පැවති එම සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට එළඹ තිබෙන බවත් මීට අදාළ ගිවිසුම් එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් කරන බවත් හෙතෙම පැවසීය.  


මෙම මුදල් යොදාගනිමින් කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම, මාර්ග සංවර්ධනය, ගම්පහ, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉඩම් මැනීම, ලියාපදිංචි කිරීම සහ තක්සේරු කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.