මෛත්‍රී මීළඟ මහ ඡන්දයට තරග වදියි ?


 

(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි.   


මේ අතර තමා ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුවේදීද ප්‍රකාශ කළේය.

ලබන නොවැම්බර් මස 16 වැනිදායින් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන ලෙසද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවැසේ.   
ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ නම් ඊට ඉඩදී මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කැමැත්ත පළකර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.