මෛත්‍රී-මහින්ද සමගි කරන්න එස්.බී. කපුවා වෙයි


(අජන්ත කුමාර අගලකඩ) 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා අතර හොඳ හිත ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයින් කිහිපදෙනකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට ද ගොස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එක්වී පසුගිය කාලයේ ඇමැති ධුරයක් ද හෙබවූ ප්‍රබල මන්ත්‍රීවරයෙකු මේ සඳහා මුල් වී සිටින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ. 


දෙපාර්ශ්වය අතර හොඳ හිත ඇති කිරීම සඳහා දෙපැත්තටම පණිවිඩ රැගෙන යාම මෙම මන්ත්‍රීවරයා භාරගෙන ඇතැයි ද පැවසේ. 


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් එකට එකතු කර ගැනීම මෙහි අරමුණ වී ඇතැයි ද වාර්තා වේ.