මෛත්‍රී-මහින්ද එක් කරන්න 15 පිල වෑයමක


(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් එකතු කිරීම සඳහා ගෙනයන දේශපාලන වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් මීළඟ ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නාකත්වයෙන් යුත් එ්කාබද්ධ විපක්ෂයත් අතර දේශපාලන එකඟතාවක් ඇතිකර නායකයින් දෙපළ සමගි කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනකු දැනටමත් මූලිකත්වය ගෙන ඇත.  


ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් අතර සමගිය ඇති කිරීම සඳහා එම මන්ත්‍රීවරුන් දෙදෙනා පහසුකම් සැලසීමේ වගකීම බාරගෙන ඇති අතර 16 දෙනාගේ කණ්ඩායමේ සෙසු මන්ත්‍රීවරුන්ගේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේද ආශිර්වාදය ඊට හිමිව ඇත.   


අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 වසරේ ජනවාරි 9 වැනිදායින් අවසන් වන අතර මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර පැවැත්වීමට නියමිතය.  


ඒ අනුව ජනාධිපතිවරණය ලබන වසරේ ඔක්තෝබර් මාසය තුළදී ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.   


එසේ වුවද ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර දේශපාලන එකඟතාව ඇති කර ගැනීමේ ප්‍රයත්නය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය ඊට පෙර ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.