මෙම වසරේ ඩෙංගු මරණත් 34ක්


(අසුන්තා එදිරිසූරිය)   

කොරෝනා වෛරස් ආසාදිතයෙකුට ඩෙංගු රෝගය වැලඳුණ හොත් හෝ ඩෙංගු රෝගියෙකුට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බැවින් කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදුවන මෙම අවධියේදී ඩෙංගු රෝගය ගැන ද අමතක නොකරන ලෙස ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.   

වර්ෂාවත් සමග සෑම වසරකම පාහේ මෙම කාලයේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට වග බලා ගන්නා ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.   


 මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 28944 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් වාර්තා වී ඇති මෙතෙක් මරණ සංඛ්‍යාව 34 කි.