මූල්‍ය ක්‍රමය රැකගන්න මහ බැංකුව ජනපති යටතට ගන්න


මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  

රටේ මූල්‍ය ක්‍රමයේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තාවකාලිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා නොගතහොත් මහා බරපතල කඩා වැටීමකට මුහුණ පෑමට සිදුවෙන බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.  


ශ්‍රී ලංකා මහ බැංකුව සතු වැදගත් මූල්‍ය බලතල ඉවත් කිරීම සඳහා මුදල් පනත සංශෝධනය කිරීමට රජය මගින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත කිරීමට පෙර මූල්‍ය විශේෂඥයන්ගෙන් යුතු විශේෂ කමිටුවකට ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් රජය එය නොසලකා හැර ඇති බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීය.  


විශේෂ කමිටුවකට සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා වෙනුවට මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාවට මෙම පනත් කෙටුම්පත දැනටමත් ඉදිරිපත් කර ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.