මුස්ලිම් කොංග්‍රසයේ සහාය හැමද‌ාමත් එජාප සමගයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

තම පක්ෂයේ මන්ත්‍රීවරු කිසිදු අයුරකින් මුදලට යටත් නොවී පිල් මාරු නොකරන බවත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තීරණයේ වෙනසක් නොමැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අවධාරණය කරයි.  

තම ස්ථාවරය වන්​ෙන් එක්සත් ජාතික පෙරමුණ යටතේ තවදුරටත් එම පක්ෂයට සහාය පළ කිරීම බවත් දේශපාලන වාසි තකා හෝ වෙනත් ලාභ අපේක්ෂා තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට නැතැයි එම කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවැසීය.  


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු මුදලට පිල් මාරු කරන බවට පවතින රාවයේ කිසිදු සත්‍යතාවක් නැතැයි ඔහු සඳහන් කළේය.  


මෙතෙක් තම පක්ෂයට එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නැති බවත් එසේ යෝජනාවක් පැමිණියොත් එය ප්‍රතික්ෂේප කරන බවත් නිසාම් කාරියප්පර් මහතා පැවසීය.