මුස්ලිම් කොංග්‍රසයත් සමඟ ජාතික ආණ්ඩුවක්


 යෝජනාව මැතිසබයට  

(දයාසීලි ලියනගේ)  

රජයේ ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩිකර ගැනීම මූලික කර ගනිමින් ජාතික රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඉකුත්ද‌ා භාර දුන්නේය.  
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට මෙම යෝජනාව ඇතුළත් කිරීමෙන් පසු එය විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත් වේ.  

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අනුමත වීම ප්‍රමාණවත් වේ.  


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මන්ත්‍රීවරයාගේ එකඟත්වයෙන් ජාතික රජයක් පිහිටුවීමට රජය අපේක්ෂා කරන බව ද දැනගන්නට ඇත.