මුස්ලිම් කොංග්‍රසය පළාත් කීපයක තනිව තරග කිරීමේ සැලසුමක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය යටතේ තරග කළද තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක වෙනත් ක්‍රමවේදීව උපාය මාර්ගිකව තරග කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.  

පාර්ලිමේන්තු නියෝජනය වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තියක් වශයෙන් පෙරමුණ සමඟ ඉදිරිපත් වුවත් සමහර දිස්ත්‍රික්කවල තනිව හෝ වෙනත් සන්ධාන ගතව තරග කිරීමට සූදානම් බව එම කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවැසීය. පසුගිය මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය තනිව මඩකළපුව දිස්ත්‍රික්කයට තරග කර එක් මන්ත්‍රි ආසනයක් දිනාගත් බව ඔහු සඳහන් කළේය.  


වර්තමාන තත්ත්වය අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධායකයන් සහ පාක්ෂිකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාව මත ඇතැම් දිස්ත්‍රික්කවල තනිව තම කොංග්‍රසයේ ලාංඡනය වන ‘ගස’ ලකුණ යටතේ වෙනත් සන්ධානයක් හරහා යාමට සිදුවීමට ඉඩ ඇතැයි නිසාම් කාරියප්පර් මහතා පැවැසීය.