මුලතිව් ධීවර කර්මාන්තයට ආණ්ඩුවෙන් මිලියන 100ක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වැය කෙරේ.  

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ධීවර කර්මාන්තය නැංවීම සඳහා විදේශීය ආයෝජකයන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.  


 ධීවර කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් කරගෙන යන කර්මාන්ත නැංවීමටද මේ යටතේ කටයුතු කෙරේ.  
මුලතිව් දිස්ත්‍රික්කයේ මාදැල් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් කෝකිලායි කළපුවේ සිදුකෙරෙන තහනම් ආම්පන්න භාවිතා කිරීම අවම කිරීම සඳහා ද කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.