මුතුරාජවෙල අක්කර 700ක් ව්‍යාපාරිකයකු අතේ


ඇමැති මහින්ද අමරවීර

(දයාසීලි ලියනගේ)  

මුතුරාජවෙල වගුරු තෙත් බිමේ අක්කර 7580 කින් අක්කර 700 ක්ම කෝටිපති ව්‍යාපාරිකයකු නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන සිටින බව අනාවරණය වී ඇත.

පාරිසරික වශයෙන් ඉතා වැදගත් තෙක් බිම් කලාපයක් වන මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ මෙම ව්‍යාපාරිකයා සිය ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන බව අනාවරණය වී ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.  


පරිසර සංවිධාන සමග පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී ඇත. පාරිසරික වශයෙන් විශාල වැදගත්කමක් ඇති මුතුරාජවෙල තෙත් බිම් කලාපය විනාශ කරනු ලබන මෙම කෝටිපති ව්‍යාපාරිකයා පිළිබඳව වහා සොයා බලා අදාළ පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා නිලධාරීන්ට නියම කර ඇත.