මීරිගම පඬුකරඳ ශාකය 2018 පරිසර වාර්තාවේ නෑ


(දයාසීලි ලියනගේ)  මධ්‍යම

අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම අතර කෲඩියා සිලනිකා හෙවත් පඬුකරඳ ශාඛයක් පිහිටා තිබෙන බවත් 2018 වර්ෂයේ සිදුකරන ලද පරිසර අධ්‍යයන වාර්තාවේ එය ගැන සටහන් වී නොතිබූ බවත් අනාවරණය වේ. 

 මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක් වී තිබෙන මෙම ශාඛය මග හැර මාර්ගය ඉදිකිරීමට නම් තවත් රුපියල් මිලියන 10 ක මුදලක්වත් අමතරව වැය වෙතැයි ප්‍රකාශ වී ඇත.  


 මෙම ශාකය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී රජයේ පාර්ශ්වයෙන් පැහැදිලි තීන්දුවක් ලැබෙන තෙත් කිසිදු තීරණයක් නොගත යුතු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඇමැති මහින්ද අමරවීර මහතා කීය.  


 මෙම ශාකය වෙනත් තැනක සිටුවීම මගින් සාර්ථකත්වය බලාපොරොත්තු විය හැක්කේ සියයට 50 ක ප්‍රමාණයක් බව ද මෙහිදී අනාවරණය වී ඇත.