මීතොටමුල්ල කුණු කන්දෙන් මිලියන 110ක් ගසා කාලා


 

මීතොටමුල්ලට කුණු ගෙනගොස් දැමීම සඳහා රජය මගින් කොළඹ නගර සභාවට ලබාදී ඇති මුදල 2014 සිට 2016 වර්ෂය දක්වා රුපියල් මිලියන 219 කින් වැඩිකර ඇති බව අනාවරණය වේ.  

ඒ අනුව 2014 වර්ෂයේදී රජයෙන් කොළඹ නගර සභාවට රුපියල් මිලියන 64ක් ගෙවා තිබූ අතර එය 2015 දී මිලියන 182 දක්වා ඉහළ ගොස් ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.  


2016 දී කොළඹ නගර සභාවට ගෙවා ඇති මුදල මිලියන 283ක් වී ඇති බවද වාර්තාවේ.  


කුණු ටොන් 1500ක් ප්‍රවාහනය සඳහා මෙම මුදල අය කර තිබුණත් ප්‍රවාහනය කර ඇත්තේ කුණු ටොන් 700ක පමණ ප්‍රමාණයක් බව අනාවරණය වී ඇති බවද සඳහන්වේ.   


මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු සිදුවී ඇති කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද චන්ද්‍රදාස නානායක්කාර කමිටුව මගින් කරන ලද සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය වී ඇත. වර්ෂ 2014 සිට 2016 දක්වා කාලය තුළ රුපියල් මිලියන 219කින් පෙන්නුම් කරනු ලබන්නේ මුදල් අයථා ලෙස පරිහරණය විමක් බවද එම කමිටුව නිරීක්ෂණය කර ඇත.