මැතිවරණ නීති උල්ලංඝනය: වැඩිම පැමිණිලි පොහොට්ටුවට එරෙහිව


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)   

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙවර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත්වී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණට එරෙහිව බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියයි.   

එම සංඛ්‍යාව 96ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට 25ක්, සමගි ජන බලවේගයට 48ක් හා වෙනත් පක්ෂවලට එරෙහිව පැමිණිලි 49ක් ලැබී ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කීය.   


මේ වනවිට සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් 2ක්, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් 2ක් හා වෙනත් පක්ෂවලින් අපේක්ෂකයන් තිදෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ​චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන බවද වීරසූරිය මහතා ප්‍රකාශ කළේය. මීට පෙර පැවැති මැතිවරණ සමග සැසඳීමේදී මෙවර මැතිවරණය බෙහෙවින් සාමකාමී එකක් බවද මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බවද ඒ මහතා පැවැසීය.