මැති ඇමැතිවරුන්ට හැසිරීම ගැන පුහුණුවක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)

මන්ත්‍රීවරුනට හා ඇමැතිවරුනට විනය හා වැදගත් ලෙස හැසිරීම පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සහජීවනය පහළ මට්ටමක පවතින නිසා පාසල් දරුවන්ට වැරැදි ආදර්ශ ලබාදිය හැකි බැවින් පාර්ලිමේන්තුව නැරැඹීමට පැමිණීමෙන් වළක්වන ලෙසටද ඉල්ලීමක් කිරීමට ඇමැති මනෝ ගනේෂන් මහතා තීරණය කර ඇත.  


විධායක ශ්‍රේණියට පත්වෙන රජයේ නිලධාරීන්ට හැදියාව හා සිරිත් විරිත් පිළිබඳව කෙටිකාලීන පුහුණුවීම් ලබාදෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ද හැසිරීම පිළිබඳව පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඇමැතිවරයා තීරණය කර ඇත.