මාස හයකට අවශ්‍ය වී තොග රට ඇතුළේ


බුද්ධි අංශ වාර්තාවක් රජයට දෙයි

(දයාසීලි ලියනගේ)   
ඉදිරි මාස 6ක කාලයකට අවශ්‍ය වී තොග හිඟයකින් තොරව පවතින බවට රජයේ බුද්ධි අංශ මගින් පවත්වන ලද සමීක්ෂණ වාර්තාවක් රජයට බාර දී ඇත.   

රටේ සහල් ප්‍රමාණය, එම සහල් ගබඩා කර ඇති ස්ථාන, මිලදී ගන්නා ලද ස්ථාන පිළිබඳව සකස් කරන ලද වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබුණි.   රජය නියම කර ඇති සහතික මිලට වැඩියෙන් කිසිදු සහලක් විකිණීම තහනම් කර ඇති අතර, එම සහතික මිල වැඩි කරන වෙළෙඳුන්ට එරෙහිව තදබල පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා නියම කර ඇත.