මානව හිමිකම් කොමසාරිස්ට එරෙහිව ලාංකික දූත පිරිසක් ජිනීවා නුවරට


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා අභියෝගයට ලක් කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය හා ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය පියවර ගෙන ඇත.  


කිසිදු සාකච්ඡාවකට භාජනය නොකර ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව අභියෝග කරනු ලබන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජික හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.  

මෙම අභියෝගය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (11) රාත්‍රි ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව ඇත.  


විශේෂයෙන් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ඔහු ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන අතරම තමන්ට අනවශ්‍ය දෙයක් කිරීම පිළිබඳව ඔහුගේ ක්‍රියා පිළිවෙත අභියෝගයට ලක් කරන බව ද සරත් වීරසේකර මහතා කීය.