මහින්ද අමරවීරගෙන් අලුත් දේශපාලන පිම්මක්


(දයාසීලි ලියනගේ)  

අලුත් දේශපාලන පිම්මක් පිළිබඳව ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.  

දැන් සිටින දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ විශ්වාසය පළුදු වී තිබෙන අතර ජනතාව දේශපාලනඥයන් පිළිකුල් කරන තත්ත්වයට පැමිණ ඇති නිසා තමන් වෙනමම දේශපාලන ගමනක් යෑමට තීරණය කර ඇතැයි මහින්ද අමරවීර මහතා කීය.  


ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සුහද හමුවකදීය. හිටපු ඇමැතිවරයාගේ සමීප හිතවතුන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.