මහින්ද අගමැති තනතුරින් ඉවත් වෙයි


(අජන්ත කුමාර අගලකඩ, දුෂ්‍යන්ත කුමාර)  

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත්වීමට සිකුරාදා (14) රාත්‍රී තීරණය කළේය.  එදින උදේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් සමග පැවැති සාකච්ඡාවේ දී බහුතරයකගේ අදහසවී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරින් සිය කැමැත්තෙන් ඉල්ලා අස්විය යුතු බව යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.  
ඒ සම්බන්ධයෙන් එදින රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේ දී තනතුරින් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ද රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.