මහින්ද පොහොට්ටුවටද ශ්‍රීලනිපයටද ?


16 දෙනාගේ සාකච්ඡාවෙන් පසු අලුත් මතවාදයක්

(දයාසීලි ලියනගේ)  
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය ලබාදිය යුත්තේ පොදුජන පෙරමුණට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද යන්න පිළිබඳව දැඩි මතවාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.  


පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවූ ‘16 කණ්ඩායමේ’ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බවයි.  

+එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහසවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්වී තිබෙන නිසාත් පක්ෂයක් ලෙසට පොදුජන පෙරමුණ පිළිබඳව ජනතා ප්‍රසාදයක් පවතින බව ඔප්පුවී තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය දැරිය යුතු බවත්ය.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ වර්තමාන වාතාවරණය යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදිය යුතු බව බහුතරයකගේ අදහස බවයි.  


මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී නැති බව ද සඳහන්වේ.  


ඒකාබද්ධ විපක්ෂයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පොදුජන පෙරමුණ වශයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය් නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව යැයි දැන ගන්නට ඇත.