මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය රතු එළි දල්වයි


(අසුන්තා එදිරිසූරිය)   

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට අප රට ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජය මගින් ඉක්මනින් ක්‍රියාත්මක නොකළහොත් ඉදිරි දෙසතිය තුළ දී රට පුරා ‘කොවිඩ් 19’ පාලන කටයුතුවල නියුතු සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් ඉවත්වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.   

සෞඛ්‍ය උපදෙස් නොපිළි පැද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයකින් තොරව මෙරටට පැමිණෙන විදේශිකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීති රකිනා ලෙසට උපදෙස් දීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.