මහ ඡන්දයට ශ්‍රීලනිපය ජනපති-අගමැති හිටපු ජනපති සාකච්ඡාවෙන් පසු


(අජන්ත කුමාර අගලකඩ)   

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.   

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවනු ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහගමසේකර මාවතේ නිල නිවසේදී රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.   


ඉදිරි මහ මැතිවරණයට මුහුණදෙන ආකාරය එක් එක් දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් සංඛ්‍යාව හා ඉදිරි දේශපාලන වැඩ පිළිවෙළ ආදිය පිළිබඳව ජනාධිපතිවරයාත් අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සාකච්ඡා කළ යුතු බවට ද එහිදී තීරණය කර ඇත.