මහ ඡන්දයට මම පොළොන්නරුවෙන් තරග කරනවා


හිටපු ජනපති කියයි  

 

(අජන්ත කුමාර අගලකඩ)  

තමා ඉදිරි මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිද‌ා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවන පුළුල් දේශපාලන සන්ධානය යටතේ තමා මැතිවරණයට ඉදිරිපත් වන බව ද ඔහු කීවේය.  
පිනට පාර්ලිමේන්තුවට යෑමට තමා කැමැති නැතැයි කී හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන්නේ යැයි ද පැවැසීය.  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ඉතා හොඳින් කටයුතු කරගෙන යන බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා ඊළඟ මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බව ද කීය.