මනෝගේ සන්ධානය එජාප පෙරමුණෙන් ඉවත්වෙයි?


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර ඇතැයි වාර්තාවෙයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් පරිබාහිරව දිස්ත්‍රික්ක 22ක් සඳහා මේ අනුව තරග කිරීමට කටයුතු කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය.  


දේශප්‍රේමී හා ප්‍රගතිශීලී කණ්ඩායම් සමඟ එක්වී වෙනත් ලකුණක් යටතේ ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් හෙට (27) අවසන් තීරණයක් එම සන්ධානයේ දේශපාලන මණ්ඩලය නුවරඑළියේදී රැස්වී ගන්නා බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 

 
පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 5ක් හිමි විය.  ඒ නුවරඑළියෙන් හතරක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් එකක් වශයෙනි. එහිදී එම සන්ධානයට එක් අමාත්‍ය ධුරයක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හිමි විය.  


මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පලනි දිගම්බරම් මහතාගේ කම්කරු ජාතික පෙරමුණ සහ වී රාධා ක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ ඒකාබද්ධයි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය බිහිකළ අතර එය පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීය.