මධුෂ් සමග සම්බන්ධ දේශපාලකයන් ගැන රහස් හෙළිවේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

මාකඳුරේ මධුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති දකුණේ දේශපාලනඥයන් දෙදෙනෙක් පිළිබඳව පරික්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.  

මෙම දෙදෙනාගෙන් එක් අයකුගේ මැතිවරණ කටයුතු සඳහා මධුෂ් මුදල් වියදම් කර ඇති බව පොලිස් පරික්ෂණ කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇත.  


අනෙක් දේශපාලනඥයාගේ පුත්‍රයාගේ මංගල උත්සවයට මධුෂ් වියදම් කර ඇතැයි අනාවරණය වී ඇත. මීට අමතරව මධුෂ්ගේ සහභාගිත්වයෙන් ඩුබායි හිදී පැවැති උත්සවයකට මෙම දේශපාලනඥයාත් සහභාගි වී ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ.  පොලිසිය හා බන්ධනාගාරයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග මධුෂ් සම්බන්ධතා පවත්වා ඇති බවත් කරුණු අනාවරණය කරගෙන ඇත.