මදසරුභාවයට ප්‍රතිකාර ගන්න වැටුප් රහිත නිවාඩු


(දයාසීලි ලියනගේ)  

මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.  

ඒ අනුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත රාජ්‍ය නිලධාරිනියන්ට මඳ සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට උපරිමය වසරක් දක්වා දේශීයව හෝ විදේශීයව වැටුප් රහිත නිවාඩු අනුමත කරනු ලබන බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.  


පිරිමි නිලධාරීන් සඳහා මාස 3ක උපරිමයට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාදීමටත් තවදුරටත් නිවාඩු අවශ්‍ය වෙන්නේ නම් දින 30ක උපරිමයකට යටත්ව නිවාඩු ලබාදීමටත් තීරණය කර ඇත.