මතෙන් දුවන රියැදුරන් අල්ලන්න තාක්ෂණික උපකරණ


(දයාසීලි ලියනගේ)  

දියර නොවන මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ වහාම ගෙන්වීමට ඇමැති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත.  

දැනට දියර මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටින රියදුරන් අල්ලා ගැනීමට පොලිසියට අවශ්‍ය පහසුකම් ලබාදී ඇත.  


මේවෙන විට ඇතැම් රියදුරන් මත් කුඩු පාවිච්චි කරන බව අනාවරණය වී ඇතත් ඒ බව තහවුරු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොමැතිවීම බලවත් ගැටලුවක් වී ඇති නිසා මත්ද්‍රව්‍ය භාවිතා කර සිටින රියදුරන් හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ වහාම ගෙන්වීමට පියවර ගන්නා බව ඇමැති සරත් වීරසේකර මහතා කීය.  


ලෝකයේ දියුණු රටවල් මත් කුඩු භාවිතා කරන රියදුරන් අල්ලා ගැනීමට තාක්ෂණික උපකරණ යොදා ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කරයි.