මත්තල ගුවන්තොට දියුණුවට ඉන්දියාව සමග ඒකාබද්ධ සේවයක්


 

(දයාසීලි ලියනගේ)   


මත්තල ගුවන් තොටුපොළ ඒකාබද්ධ සේවාවක් ලෙස පත්වාගෙන යාමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.   

ඉන්දියාව හරහා මත්තලට ගුවන් යානා ගෙන්වා ගනිමින් ගුවන් තොටුපොළ දියුණු කිරීම සඳහා මෙම සාකච්ඡා ආරම්භ කර ඇත.   


මත්තලට දැනට පැමිණෙන්නේ ගුවන් යානා සීමිත ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.   


මත්තල ගුවන්තොටුපොළ දියුණුවීමත් සමග කතරගම වැඳපුදා ගැනීමට පැමිණෙන ඉන්දීය සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටත්, එමගින් රටට ආර්ථික වාසි ලබාගැනීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇත.