මගේ අමාත්‍යංශයට තියෙන්නෙ ආපදා වෙලාවට ආහාරදීම විතරයි


ඇමැති දුමින්දගෙන් චෝදනාවක්  

 

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ආපදා අවස්ථාවකදී විපතට පත්වූ ජනතාවට ආහාර පාන ඇතුළු වෙනත් දෑ ලබාදීම හැර තම අමාත්‍යංශයට වෙනත් රාජකාරියක් පැවැරී නැතැයි වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා චෝදනා කරයි.   

පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙසේ චෝදනා කළ බව රජයේ ආරංචි මාර්ග පැවසීය.  


ආපදාවට කලින් එම දුෂ්කරතාවට මුහුණ දුන් ජනතාවට සහන ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වුවත් ඒ සඳහා අවකාශ නැතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.  


‘ගම්පෙරළිය’ වැඩ සටහන යටතේ ඔවුන් සඳහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර එය වෙනමම වැඩ සටහනක් බව අමාත්‍යවරුන් මෙහිදී පෙන්වාදී ඇත.