භික්ෂුන් වහන්සේට ගැරහීම සංහිඳියාවට බාධාවක්


 

(දයාසීලි ලියනගේ) 
භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් නොගැලපෙන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සංහිඳියාවට බාධාවක් වී ඇතැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය. 

නූගත් හා අනුවන ලෙස කරනු ලබන මෙම ප්‍රකශ හෙළා දකින බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 


 භික්ෂු වහන්සේ විවේචනය කිරීම තුළින් දේශපාලනඥයන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනු ලබන අතර ඊට අමතරව නූගත්කම හා අනුවණකම පෙන්නුම් කරන බවද ඇමැතිවරයා කීය. 


මීට පෙර මෙවැනි ප්‍රකාශ කර තිබු අය ජනතාව ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.