භාණ්ඩ 6000කට යුරෝපයෙන් බදු සහන


(දයාසීලි ලියනගේ)
යුරෝපා සංගම් වෙළෙඳපොළට අපනයන යැවීමේදී භාණ්ඩ 6000කට තීරු බදු සහන සැලසෙන බැවින් ඊට අදාළ සියලු ක්ෂේත්‍රවලටම අවධානය යොමුකර අපනයන වෙළෙඳාම වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.


මෙම තීරුබදු සහනය (GSP+) යටතේ පසුගිය කාලය තුළ ඇඟලුම්, රබර්, තේ නිෂ්පාදනවලට ප්‍රමුඛ ස්ථානය ලබාදී තිබිණි.
මින් ඉදිරියට මෙම ක්ෂේත්‍රවලින් ඔබ්බට යන අපනයන විවිධාංගීකරණය සඳහා අපනයනකරුවන් උනන්දු කරවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.


ඒ යටතේ දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමටද පියවර ගැනෙයි. ඒ යටතේ දැන් සිටින අපනයනකරුවන් දිරිගැන්වීමට බදු සහන ලබාදීමටද පියවර ගනු ඇත.