බුලත් කිලෝ හැටද‌ාහක් සතිපතා පාකිස්ථානයට


කොරෝනා නිසා ශ්‍රී ලංකන්ට වාසියක්   

(දයාසීලි ලියනගේ)   

සෑම සතියකටම බුලත් කොළ කිලෝ 60,000 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් පාකිස්ථානයේ ලාහෝර් හා කරච්චි නගරවලට ගෙන යන බව එම ගුවන් සමාගමින් වාර්තා වේ.   

වෙනත් ගුවන් යානා මගින් පසුගිය කාලයේ මෙසේ බුලත් අපනයනය කරනු ලැබීය.   
කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යාමත් සමග බාහිර ගුවන්යානා කටුනායකට නොපැමිණීම නිසා දැන් බුලත් අපනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් බව එහි ප්‍රකාශකයෙක් කීය.   


එක් ගුවන්යානයකින් කිලෝ 30,000 ක් බුලත් රැගෙන යන බව ද ඔහු ප්‍රකාශ කළේය.   


බුලත් රැගෙන සතියකට දින 2 ක් ලාහෝර් හා කරච්චි බලා ගුවන් යානා දෙකක් යැවීමෙන් යම් මූල්‍යමය වාසියක් ලැබෙන බව ද ඔහු කීය.