බැසිල්ට පාර්ලිමේන්තු එන්න මන්ත්‍රීන්ගෙන් ඇරයුම්


මන්ත්‍රීන් 19ක් ලිපියකින් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණෙන්නැයි එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් 19 දෙනකු ඊට අත්සන් කර ඇතැයි වාර්තා වේ.  
සම්පත් අතුකෝරළ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සනත් ප්‍රදීප් විතාන, අකිල සාලිය එල්ලාවල, නාලක බණ්ඩාර, අමරකීර්ති අතුකෝරළ, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක සහ කපිල අතුකෝරල යන මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් කර ඇති බවද දැනගන්නට ඇත.  


රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය ද‌ායකත්වය රටට ලබාදීම සඳහාත්, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම අත්‍යවශ්‍ය බවද එම මන්ත්‍රීවරුන් යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.