බැසිල් පාර්ලිමේන්තු එනවාට කැමැති නිසා මා ඡන්දය දුන්නා


ද්විත්ව පුරවැසි වගන්තියට  පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රී කියයි  

(දයාසීලි ලියනගේ)  

තමන් පෞද්ගලිකවම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එනවාට කැමති නිසා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමේ බාධාව ඉවත් කරන වගන්තියට පක්ෂව ඡන්දය පාවිච්චි කළ බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

ඔහු ඇමැතිවරයකු වශයෙන් සිටිය දී ජාති, ආගම් භේදයකින් තොරව කටයුතු කළ ඇමැතිවරයෙක් බව ද මොහොමඩ් මුෂාරෆ් මහතා පැවසීය.  


20 වැනි සංශෝධනයට විරුද්ධවීම පක්ෂයේ පොදු තීරණයක් බව ද ඒ මහතා සඳහන් කළේය.