බැඳුම්කරයේ ඇත්ත පාඩුව සෙවීමට ඒකාබද්ධයෙන් සමීක්ෂණයක්


(දයාසීලි ලියනගේ)  
බැඳුම්කර සිද්ධියට අදාළ සත්‍ය පාඩුව ගණන් බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශය මගින් පියවර ගෙන ඇත.  

දැනට ප්‍රකාශයට පත් කර ඇති පාඩුව සත්‍ය පාඩුව වශයෙන් සැළකිය නොහැකි නිසා ඒ පිළිබඳව සොයා බැලීමක් කර ජනතාව හමුවට ඉදිරිපත් කරනු ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.  


මීට අමතරව බැඳුම්කර සිද්ධිය හා ඒ වටා ඇති කරුණු මත ඇතිවී තිබෙන ආර්ථික අවුල පිළිබඳවද අධ්‍යයනයක් කරනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.  


මේ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අනිද්දා (23) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කීය.