බැඳුම්කර වාර්තාවේ පිටු අඩු කළේ සත්‍ය තොරතුරු වසන් කිරීමටයි


(දයාසීලි ලියනගේ)  
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පිටු 3500 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර නැත්තේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිළිබඳව සඳහන් වෙන නිසා ඒවා වසන් කිරීමට බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.  

පිටු 6000 කට අධික බැඳුම්කර වාර්තාවෙන් පිටු 1152 ක් පමණක් පසුගිය සතියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබිණි.  
සම්පූර්ණ වාර්තාව ලබා නොදීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වා තිබෙන අතර සම්පූර්ණ වාර්තාව ලබා නොදීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා බලන ලෙසට ඉල්ලා ඇත.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රජයට තොරතුරු වසන් කිරීමට අවශ්‍ය නිසා සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවයි.