බැඳුම්කර වාර්තාව ජනපති අතට


(අජන්ත කුමාර අගලකඩ)   
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ​ෙයන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (30) පෙරවරුවේ බාරදීමට නියමිතව තිබිණි.  

2015-2016 අතර කාල වකවානුවේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මේ වසර මුලදී ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා එම කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.   


එම කොමිසමේ සාමාජික කොමසාරිස්වරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන් පත්කරනු ලැබූහ.   


ජනාධිපති කොමිෂන් සභා​ෙව් නිල කාලය අවස්ථා තුනක දී දීර්ඝ කරනු ලැබූ අතර, එහි කාලය අදින් (31) අවසන් විය.   


ජනාධිපතිවරයාට ඊයේ බාරදීමට නියමිතව තිබූ වාර්තාව, ඉදිරි නීති පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ඇතැයි වාර්තා වේ.