බැඳුම්කර චූදිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි


(දයාසීලි ලියනගේ) 
බැඳුම්කර කොමිසමෙන් හෙළි කෙරුණ කරුණුවලට අදාළව චූදිතයන්ට නඩු පවරා දඬුවම් ලබා දිය යුතු බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති චන්දිම වීරක්​ෙකාඩි මහතා කීය.

මෙම වාර්තාව ජනාධිපතිවරයා විසින් දැනටමත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති වාර්තාව බාරදී ඇති අතර කොමිසන් සභා වාර්තාවක් පිළිබඳව ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 


මීට පෙර විවිධ රජයන්, කොමිෂන් සභා පත්කර තිබුණත් ඒ එකම රජයක්වත් එම කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණ බවද ඔහු කීය. වර්තමාන ජනාධිපතිවරයා යහපාලන රජයෙන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් මේ රජයේම දූෂිතයන්ට එරෙහිව ක්‍රියාකරන බවද ඇමැතිවරයා කීය. 


බැඳුම්කර වාර්තාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කිසිම ඇඟිලි ගැසීමක් නොකරන ජනාධිපතිවරයා සියල්ල අපක්ෂපාතීව ඉටුවීමට අවස්ථාව සලසා දී තිබෙන බව ද කීය. අනාගතයේ වංචනික ක්‍රියාවල යෙදෙන අයකුටත් මෙම බැඳුම්කර සිද්ධිය හොඳ පාඩමක් වනු ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.