බැණ ගැනීම නවත්තන්න


මහින්ද‌ානන්දට-වෙල්ගමට මහින්දගෙන් අවවාද

(නාලක සංජීව දහනායක)  
එකිනෙකා විවේචනය කර ගැනීම් වහා නතර කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහත්වරුන්ට අවවාද කර ඇත.  

කොළඹ, විජේරාම මාවතේ පසුගිය අඟහරුවාද‌ා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අවවාද කර තිබේ.  


එකිනෙකා විවේචනය කරගනිමින් අදහස් දැක්වීම වාසියට ගෙන ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් පිළිබඳ මතවාදයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනු ඇතැයි පවසා ඇත. එබැවින් ඒකාබද්ධ විපක්ෂය බෙදී ඇතැයි පවසමින් ආණ්ඩුවට වාසි ගැනීමට ඉඩ නොදෙන ලෙස ද දන්වා ඇත. දේශපාලනය කිරීමේදී විවේචන යනු සාමාන්‍ය දෙයක් බවත් විරුද්ධවාදීන් තමන්ව කොතරම් විවේචන කළ ද තමන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.