බැංකු පොලියෙන් බදු ගහන තීන්දුවට ජනතා විරෝධය


(දයාසීලි ලියනගේ)   
නව දේශීය ආදායම් බදු පනතට අනුව සෑම බැංකු ගිණුමකින්ම වාර්ෂිකව සියයට 5 ක පොලියක් කපා හැරීමට ගෙන ඇති තීරණය නිසා රටේ සියලුම තරාතිරම්වල ජනතාව පොදුවේ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති.   

මෙම තීරණයට අනුව රුපියල් 100 ක මුදලක් ඇතුළත් ගිණුමකින් වුවත් වාර්ෂික පොලියෙන් සියයට 5 ක මුදලක් කපා හරිනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.   


මිලියන 1205 ක් වූ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් හිමියන් සඳහාද මෙම පොලී කැපිල්ල බලපාන බව වාර්තා වේ.   


විශේෂයෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වාර්ෂික පෝලියෙන් සියයට 5 ක බදු මුදලක් කපා හැරීම පිළිබඳව සමස්ත පෞද්ගලික අංශයේ සේවකයන් තුළ දැඩි විරෝධයක් පවතින බව වාර්තා වේ.