බාහිර උපාධි ගැටලු ඉක්මනින් විසඳනවා


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)   
විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමුකර කඩිනම් පියවර ගන්නා බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව තමන් ඉතා සංවේදී යැයි පැවැසූ ඇමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 සහ 27 ව්‍යවස්ථා අනුව ජනතාවගේ මූලික අයිතියක් ලෙස සහතික කර ඇති සීමාවකින් තොරව අධ්‍යාපනය ලැබීම සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති කිරීම රජ​ෙය් වගකීමක් බව ද පෙන්වා දුන්නේය. එහෙයින් ඒ සඳහා උපරිම අවස්ථාව සැලසීම රජය සතු වගකීමක් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.   


බාහිර උපාධි පාඨමාලා වෙනුවෙන් අනිවාර්ය මුදලක් අය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.